මෙවරත් (2024) සඳහා අප පක්ෂය ලියා පදිංචි කර වීමට අවස්ථාවක් නොමැත.

එයට හේතුව වනුයේ අප විසින් පක්ෂ ලියා පදිංචිය සඳහා 2022 වර්ෂයේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ශාඛාව වෙත ගිය ද එම දින වන විට වසර පහක කාලයක් සම්පූර්ණ වී නො තිබීම නිසා ය. දෙවැනි වරට 2023 වර්ෂය සඳහා ලියාපදිංචියට ගිය ද  මැතිවරණ කටයුත්තක් ඉදිරිපත් කර තිබීම නිසා 2023 වසරේ දීත් අප හට ලියාපදිංචි වීමට නොහැකි විය. 2024 වර්ෂය සඳහා පදිංචියට යන විට ද ඉහත කාරණාව මත අප හට පක්ෂය ලියාපදිංචිය කිරීමට නොහැකි විය.  වසර පහක නොව වසර හතක කාලයක් ගත වී ඇත. නමුත් අප පක්ෂය හට අති විශාල පාඩුවක් වේ. නව පක්ෂ ලියාපදිංචිය අහිමි වීම තුළින් ම සෑම නව පක්ෂයකට ම  අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත. අප පාලන බලයක් තුළ දී මෙලෙස නො වීමට වග බලා ගන්නෙමු. සැමට ම සාධාරණ ඉටු කරන්නෙමු. පොරොන්දු පරිදි අදාළ මැතිවරණ කටයුතු පවත්වන්නෙමු. මැතිවරණ කල් නො දා මානව අයිතිවාසිකම් උල්ලංඝන නොවන සේ හැසිරීමට කටයුතු කරන්නෙමු. නමුත් මෙවර  මෙලෙස සිදුවීම සාධාරණ කටයුත්තක් සැලකිය හැක. රටේ පැවතුණු ආර්ථික තත්ත්වය මෙලෙස මූලික ව බලපා ඇති බව යි පෙනී යයි. ආර්ථික අර්බුදකාරී තත්වය සමථයකට පත් කිරීමට වෙහෙසෙන ගරු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන්නෙමු.

එක්සේසත් ජනතා හිතෛෂි පෙරමුණ වෙනුවෙන්,

බි.එම්.අයි.කේ. ප්‍රියදර්ශණ. – පක්ෂ ලේකම් සහ නිර්මාතෘ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *