2024 ජනාධිපතිවරණයේ අපගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට

මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ජනාධිපති අපේක්ෂකයන් අතුරින් අපගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වන්නෙමු.
තම පරිපාලනය සහ මනා දක්ෂතාවයන් මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු සියලු ම ද්‍රව්‍යය සොයා ගත නොහැකි පෝලිම් යුගයක් තුළ සිටි අප සියලු දෙනා ම මුදවා ගැනීමට එතුමාගේ පාලනය සමත් විය.
එතුමා සියළුම පක්ෂවලින් පොදුවේ රාජ්‍ය වැටි ඇති අවස්ථාවේ දි රජ්‍ය සහ රට වැසියන් වෙනුවෙන් උදව් උපකාර ඉල්ලුව ද එසේ කිරීමට ඇතැම් පක්ෂ අපේක්ෂකයන් කටයුතු නොකල බව අප දන්වන්නෙමු. ඔවුන්ගෙන් එතුමාට කිසිදු සහය දැක්වීමක් අප සියලු දෙනාට දැක ගත නොහැකි විය. ජනාධිපතිවරයෙකු නොමැතිව දින ගණනාවක් ගත වුවද ජනපතිකම බාර ගැනීමට කිසිවකු නොමැති සේයාවක් අපට දක්නට ලැබුණි. ඇතැම් අයට බහුතර සහයක්ද ලබා ගැනිමට හැකියාවටද අදක්ෂ විය. එම අවස්ථාවේ දී සියළුම පක්ෂ එකතු වී අවශ්‍ය වූයේ අර්බුදකාරී තත්වය සමථයකට පත් කර රට සංවර්ධනය කරලීම සහ මහජනතාව වෙනුවෙන් කටයුතු කිරීමයි. එම වගකීමෙන් පරිබාහිර ව ඇතැම් පක්ෂ දේශපාලනය තුළ දේශපාලන පමණක් ස්ථාන ගත වන බවට දක්නට ලැබුණි. එම නිසා අප සියළුම දෙනාට යුතුකම හා වගකීම ඉටු කළ යුතු කාලය එළඹ ඇත. මෙවර ජනාධිපතිවරණයෙන් ම උසස් ජයක් ලැබේවායි අප දේශපාලන පක්ෂයක් වශයෙන් ඒතුමාට ප්‍රාණාමය පුද කරන්නෙමු. එතුමාගේ ජයග්‍රහණය, එතුමාගේ ජයග්‍රහණයක් නොව රටේ ජයග්‍රහණයක් වන බව දන්වන්නට කැමැත්තෙමු.
එතුමා කළ සේවය ලාංකිකයන් වන අපට, අපට කිසි දා අමතක කර නොහැකිය.
රනිල් වික්‍රමසිංහ මහත්මා මෙම අවස්ථාවේ දී ජයග්‍රහණය කළ යුත්තේ ඇයි.
සමාජ මාධ්‍ය ඇසුරින් යා කර ඇත. මුල් අයිතිය කතෘ සතුය
01 – https://youtu.be/XaHzwcS8hnc
02- https://youtu.be/Hxz-56ZD5-k
03- https://youtu.be/lqcIabFGMS4
දුක හිතුණු අතීතය – මට තිබුණා ඒ කාලේ
කඳුළු පිරි අතීතය - අමතක ද ඒ කාලේ
දුක හිතුණු අතීතය - මට තිබුණා ඒ කාලේ
පෝලිමේ සිටි යුගය - අමතක ද මේ කාලේ
නව යුගයේ - නව පැතුම් පොදි බැඳන් -යන සැමට
එක්ව යමු අපි පෙරට - ස්වාධීනයකු ලෙසට
ලද බොළඳ බස් වලට - වහල් වීමට ප්‍රථම
නිවහල්ව සිටිමු ලෙස - පවසමි මා ඔබට
රජෙකු නැති අප රටට - නායකත්වය ගෙන පෙරට
ඉසිලු බර අමතක ද - ඔබ හිසේ බර කරට
අපට දිනයක් ඇතේ - වගකීම පවරන්න
යුතුකමට ඉඩ දෙන්න - සිහි තබා ගෙන ඉන්න
වේදිකා හැම තැනම - කළ නොහැකි බස් වහර
පැතිරිලා මේ කලක - මන්මුලා වී සිටින
මාවතක් ඇත නිබඳ - යා යුතුයි මග ඔන්න
එන්න අපි සැවොම
ඒ මගේ ගමනක් යන්න
නිර්මාණය- එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණ නිර්මාතෘ සහ පක්ෂ ලේකම්- බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ. -2024/09/10 –

එක්සේසත් ජනතා හිතෛෂි පෙරමුණ වෙනුවෙන්,
බි.එම්.අයි.කේ. ප්‍රියදර්ශණ. – පක්ෂ ලේකම් සහ නිර්මාතෘ.
