පොසොන් පොහොය දිනය අදයි

සියළුම දෙනා දුප්පත් පොහොසත් කිසිම භේදයකින් තොරව සන්තකයේ තිබෙන්නා වූ වත්කම් වලින් කොටසක්  සෑම දෙනා සමගම බෙදා හදා ගැනීම. දානය සීලය භාවනාව යන ඉතාමත්  වටිනා ගුණාංග ප්‍රගුණ කරන දවසකි. ඒ සඳහා ආගම් භේද ජාති භේද දුප්පත් පොහොසත් භේද  නොමැතිවයි.

අප මහ ලොව තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වැනි සතියේ “රුවන් ගෙයි” වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝන බුදු රැස් විහිදීමද

“මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවිඩය මූර්තිමත් කරමින් ශාන්තීයි දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩම කර බු: ව 236 දී ලක්දිව බුදු සසුන පිහිටුවීම සහ ලංකා ගමනේ සිදු වූයේ අද වැඩි දිනකය.

දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ල හත්ථිපදෝපම  සූත්‍රය අසා තෙරුවන් සරණ යාම

 ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දින දී සිදු විය.

අනුලා බිසෝ ඇතුළු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසාන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් ව අනාගාමී විය. ඉන් දෙවන දිනයේ දී රජුගේ ඇත් හලේ දී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේ දී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ග ඵල ලබා සිටියහ. තුන් වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රය ද හතර වන දිනයේ දී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස් වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේ ය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *