නායකත්වය දැරූ නායකයින් රැක ගනිමු.

අද දින ශීඝ්‍රයෙන් ම කළ ගුණ අමතක වීමක් සුළු ලාංකිකයන් පිරිසක් හට ඇති වීම පිළිබඳ ව ඉතාමත් කනගාටු වන්නෙමු. පක්ෂ විපක්ෂ වලින් තොරව අප මාතෘ භූමිය  මෙතෙක් කල් රැක බලා ගත් නායකත්වයට ගරු කිරීම නායකයකුගේ තිබිය යුතු ගුණාංගයකි. යම් යම් අඩුපාඩු සෑම දෙනා හට පොදු ලක්ෂණයකි. නමුත් යම්කිසි නායකත්වයක දුර්වලතා ඇත්නම් ඊළඟ පහළ වන නායකයා විසින් කළ යුත්තේ එම දුර්වලතා මග හරිමින් නිවැරදි දිශානතියකට රට පත් කිරීමට වෙහෙස මහන්සි වීමකි. නමුත් යම්කිසි අයුරකින් එසේ නොකර විවේචනාත්මකව හැසිරීම කාලෝචිත නැත. අවශ්‍ය වන්නේ වැරදි ඇත්නම් නිවැරදි කිරීමත් නීති තත්ත්වය ඔස්සේ කටයුතු කිරීමත් ය.

අද දින ය කිසිවක් ම නොකරන ලද (ජනතාවට හෝ පොදුවේ රාජ්‍යය වෙත)  නොහැකියාවෙන් පීඩිත ඉටු කල නොහැකි පොරොන්දු  මගින් බලය ගත් නායකත්වයන් වාචික ව හැසිරෙන කෲරත්වය ප්‍රමුඛ කර ගත්  නායකත්වයන් බිහි වී ගෙන යන බව දක්නට ලැබේ. යම්කිසි නායකත්වය පිළිබඳ ගැට‍ළු සහගත තත්ත්වයක් ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරමින් අදාල අවශ්‍යතා ඉටු කර ගැනීමයි. එසේත් නොමැතිව නායකත්වය විවේචනය කිරීම නායකයකුට උචිත නැත. රාජ්‍ය පරිහානිය ලක්ෂණයකි . පසුගිය ඇතැම් නායකත්වයන් නිසා අද අප සියලු දෙනා ම යම්කිසි ආකාරයකින් යුද බිය මර බිය නොමැතිව ජීවත් වීමට හැකි පරිසරය උදා කර ඇත. සමහර නායකත්වයන් ට දෑස් අහිමි වීමේ ස්වාමිපුරුෂයා නැති වීම් ද දක්නට ඇත. ඇතැම් නායකත්වයන් ගෙවල් ගිනි බත් කරමින් පීඩනයක් ලබා දී ඇත. එය සාධාරණ ද අපි අවස්ථාවාදීන් බවට පවත්වන්නේ මන්ද පරාර්ථකාමී ජාතියක් වන අප  ආගමක්, ජාතියක් ,වැඩිහිටියෙක්, නායකයෙක්, ආගමික නායකත්වය, ආගමික ශික්ෂණය සහ සංස්කෘතියකත්වය පිටුදැකීමක්, සිදුවීමක් දක්නට ඇත.

අවශ්‍යතාවය ඉටු වීමෙන් පසු තම කාරණා සඵල වීමෙන් පසු එම නායකත්වය විවේචනය කළ යුතු ගැරහිය යුතු  ද ” නිදොස් කෙනෙකු මෙදියත උපදුනේ නැත ” යන අර්ථය ගැන සිතා පසු නායකයින් සේවාව අගැයීමත් ඔවුන්ගේත් වූ අඩුපාඩු නිවැරදි කිරීමත් කාලෝචිතය. ඒසේ නොකල හොත් අප රාජ්‍ය පිරිහීමක් පමණක් සිදුවේ.  නායකත්වයන් මත ලබා දුන් අයිතිවාසිකම් කප්පාදු කළ යුතු ද එසේ කළ හොත් අනාගත  දක්ෂ ගෞරවාන්විත සෘජු  ස්වාධීන නායකත්වයන් ලංකා නිජ බිම තුළ සැපිරිය හැකි ද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *