වෙළදාමෙන් ජිවත් වන දුප්පත් අව්‍යාජ මිනිසුන් හට සිදු වන්නා වූ අකටයුතුකම හෙලා දකින්නෙමු.
ඉතාමත් ම දුක් විඳිමින් සාධාරණ ලෙස කොස්පොළොස් කැඳ විකුණමින් ජීවත් වන අපගේ රටේ වෙළද ජනතාව හට සිදු වන්නා වූ අකටයුතුකම දැඩි ලෙස හෙලා දකින්නෙමු. ඉතාමත් දුක් මහන්සියෙන් ආර්ථිකය ගොඩ ගැනීමට වෙහෙසෙන ඔබට අපගේ උපහාරයක් ම වේවා. මාර්ග නීති රීතිවලට අනුගත ව මාර්ග පද්ධතියට හානි නොවන අයුරින් වෙළඳාම් කරන ඔබ ඉතාමත් ම මහඟු සේවාවක් සිදු කරන්නේ ය. පෝෂදායි කොළකැද, පළතුරු බීම වැනි ආහාර දාමයක් රටේ ජනතාව ලබා දීමට පෙලඹීම ගැන අප අගය කරන්නෙමු. පලා මිටියක්, කොස් මල්ලක්, එළවළු මල්ලක්, වඩේ කරත්තයක්, එළවළු සහ පලතුරු ටිකක් සොයා ගෙන වෙළඳාම් කරන දරු මල්ලන් ආරක්ෂා කරන ඔබ ඉතාමත් ම ගෞරවයකි. එමෙන්ම රටට අභිමානයකි. රටෙහි පෝෂණ අවශ්‍යතා සඳහා දායකත්වය ලබා දීම ගැන අප ස්තුතිවන්ත වන්නෙමු. අපගේ පරිපාලනය තුළ අප ඔබ වෙත සාධාරණයක් ඉටු කරන්නෙමු.
මාර්ගයට අවහිර නොවන පරිදි ඔබට වෙළඳාම් කිරීමට අප ඉඩ සලසා දෙන්නෙමු. එය රටෙහි සහ ඔබේ පවුලේ සාර්ථකත්වය බව අප සිහිපත් කරන්නෙමු. බදු මුදල් ලබා ගැනීම අරභයා මේ සිදු කරන ලද කාර්ය අප ඉතාමත් ප්‍රතික්ෂේප කරන්නෙමු. රටෙහි සංවර්ධනයට බදු මුදල් අවශ්‍ය වේ. නමුත් ඒ යම් ප්‍රමිතියකට සාධාරණත්වයෙන් සිදු විය යුතුය. රටෙහි සංවර්ධනයට ශ්‍රම දායකත්වය ඉතාමත් ම වැදගත් ය. ආණ්ඩුවක් වශයෙන් පළමු ව කළ යුත්තේ ඔබගේ ව්‍යාපාරය සංවර්ධනය කිරීමට අත දීමයි. එමගින් ව්‍යවසායකයන් ගොඩනඟා ගැනීමට හැකියාවක් ආණ්ඩුවට ඇත. ඔබ උපයන මුදලින් ගෙවන ලද බදු වලට සාධාරණයක් ඉටු කරන්නෙමු. ඔබගේ බදු මුදල් මගින් රාජ්‍ය පරිපාලනය රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දීම සිදු කරන බව හැමෝම දත යුතු කරුණකි.
අද සහල් කිලෝ වක් පරිභෝජනයට ලබා ගැනීමට අදාළ වෙළෙන්දාට හාල් කිලෝ පනහක මිටියක් අලෙවි කලත් හාල් කිලෝ එකක් ගැනීමට නොහැකි පරිසරයක් නිර්මාණය වී ඇත. මෙයට හේතුව ව්‍යාපාර පිළිබඳ පාලකයන් හට අනවබෝධයයි. @ බි.ඒම්.අයි.කේ. ප්රියදර්ශණ (පක්ෂ ලේකම්)
මින් පසුව වත් තරහව, ක්‍රෝධය, පිළිගැනීම, ඊර්ෂ්‍යා, මාන්නය, නොරැවටිම සහ වහල්කම නොමැතිව නිසි අවබෝධයකින් යුතු ව පාලකයන් පත් කිරීමට කටයුතු කර ගැනීම ඔබ සැමගේ යුතුකමයි. – බි.ඒම්.අයි.කේ. ප්රියදර්ශණ (පක්ෂ ලේකම්)
