විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු

විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලනය තුළින් මෙම සිදුවීම ඉතිහාස ගත වෙයි. එනම් විධායක ජනාධිපතිවරයෙක් අත් වැරදීමකින් වැරදි දත්ත මත අත්අඩංගුවට ගැනීමේ පළමුවැනි අවස්ථාවයි. එතුමා විසින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා සිදු කළ අසීමිත කැප කිරීම වෙනුවෙන් ස්තුතිය පුද කරන අතර අප සෑම සියළුම දෙනා පොදුවේ එතුමාට ස්තුතිවන්ත විය යුතුය. කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය තුළ එතුමාගේ පාලනය මගින් නැවත රාජ්‍ය ස්ථායි කරණයට සිදු කර ගැනීමට එතුමා සමත් විය.
එතුමාගේ ආදරණීය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයකි. එතුමිය කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පිලිබද මහාචාර්යවරියක් ලෙස විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ලබා දෙමින් කළ සේවය ලාංකීයන් වන අප හට අමරණීය නාමයක් වන්නේය.
පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදා ගත් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී තිබේ නමුත්,
හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ එතුමාගේ බිරිඳ වන මහාචාර්ය ගරු මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ වන විට නිකුත් කර තිබේ. එම පක්ෂයේ මාධ්‍ය ඒකකය මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිත කර නොමැති බවයි.
ගම්‍ය වනුයේ නීතිය සුරකින නිලධාරීන් කුමන ආකාරයකින් හෝ දේශපාලන පලි ගැණීම් සදහා සුදානම් වන ආකාරයයි. රාජ්‍ය සේවකයන් හට පක්ෂ විපක්ෂ සමස්ත මහජනතාව බදු මුදල් මගින් වැටුප් හා සේවා පහසුකම් සලසන බැවින් සාධාරණත්වය වෙනු වෙන් දේශපාලනයෙන් තොරව සේවාවන් සපයන ලෙසත් ය. ශ්‍රී ලාංකීය අභිමානයට සිදු කල කැළල වෙනුවෙන් මෙම ක්‍රියාවලියට සහ සම්බන්ධ සියළුම රාජ්‍ය සේවක මහතුන් හට අනාගතයෙහි පුද්ගලිකව නීතිය හමුවට පමුණු වීම සඳහා පක්ෂයක් වශයෙන් කටයුතු කරන බවත් දන්වන්නෙමු.
