අද ලෝක කම්කරු දිනයයි – 2024 මැයි 01

අද ලෝක කම්කරු දිනයයි . මෙම දිනය අප සියළුම දෙනාට ඉතාමත් වටිනා දිනයකි . කුමන අයුරකින් කුමන තරාතිරමකින් කුමන කෝණයකින් බැලුව ද අප සියල්ලෝ ම කම්කරුවන් වන්නේ ය. වෙනසක් වන්නේ බහුතරයක් අද දිනය සමරන අතර සුළුතරයකට අත්‍යාවශ්‍ය සේවා සපයන සහ ආරක්ෂක අංශවලට අද දිනය ද සාමාන්‍ය සේවා දිනයක් වන බැවිනි. අප සංවිධානය ලෝකවාසි කම්කරුවන් සියළුම දෙනාට සුබ පැතුම් පිරි නමන්නෙමු. අප කම්කරුවන්ගේ අභිවෘද්ධිය සදහා කටයුතු කරන්නෙමු. අප සංවිධානය අද විශේෂ දිනයක් ලෙස නො සලකන්නෙමු. අද දින බොහෝ දෙනකුගේ සිනා මුසු මුහුණ හැමෝම තුල නොමැති නිසා ය. මෑතක දී කම්කරුවන් පොදුවේ දිනා ගත් දෙයක් නොමැත.
නමුත් අද දිනය කම්කරු දිනයක් නොව එය දේශපාලකයන්ගේ බලය පෙන්වීමේ දිනයක් බවට පත් ව ඇති සේයාවක් අප හට දක්නට ලැබේ. දේශපාලකයන් ඔබ හට සිදු කලේ කුමක් ද ?. යම් සතුටට කාරණාවක් ඇත. එනම් අද දින වත් ඔවුන්ට කම්කරුවන් සිටින බව සිහිපත් වීම නිසා ය. දුකට කරුණ නම් පක්ෂ පිල් බෙදුණ කම්කරුවන් දේශපාලකයන්ගේ අබියසට ගොස් ඔවුන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට කටයුතු කිරීමට සැරසීමයි.
“” නිවාඩුවට නිදහසක්, නියමිත වැටුපක් ,වැටුපට සාධාරණත්වයක් නො ලබන ඔබ ඔබගේ අයිතිවාසිකම් ගැන ඔබ සිතිය යුතු කාලයක් එල බ ඇත. අද දින ගැන නොව මතු දින ගැන සිතීම කාලෝචිත වන්නේ ය. ඔබගේ තේරිම මත පත් කරන ලද දේශපාලක ඔබ වෙනුවෙන් පෙනි සිටියේ කුමකට ද ? පිළිතුරක් නැති ඔබ වටිනා යම් කොටසකට නොලබුන ඔබට ලැබුණු නිදහස් දිනය ගත කල ආකාරයට ඔබ ම පක්ෂ පාට අමතක කර තම මනසින් මොහොතක් ගලපන්න. බි.එම්.අයි.කේ. ප්රියදර්ශණ. “”
එක්සේසත් ජනතා හිතෛෂි පෙරමුණ වෙනුවෙන්,
බි.එම්.අයි.කේ. ප්රියදර්ශණ. – පක්ෂ ලේකම් සහ නිර්මාතෘ.
