කාන්තා දිනය ගෞරවයෙන් සලකමු

තිඹිරිගෙය සිට මරණය දක්වා දුක් කම්කටුලු වගකීම් යුතුකම් මැදින් ජීවිතය ලබා දෙමින් වරප්රසාද නො බලා කඳුල බර ඉතාමත් පීඩාකාරී ජීවිතයක් ගත කරන ඇය ආදරය, දයාව, අනුකම්පාව වෙනුවෙන් ඇතැමි අවස්ථාවල දිවි පරදුවට තබන දිවි පරදුවට පත් වන, ඇය නමින් කාන්තාව ලෙස අර්ථකථනය කල හැක.
උතුම් මාතෘත්වය ලබන ඇය ජීවිතය ලබා දෙමින් එම ජීවිත ආලෝකවත් කරන්නිය. ජීවිතයේ වෙනුවෙන් අතිවිශාල කැප කිරීම් කරන ඇය ඉතාමත් ගෞරවනීයය. ගැහැණියකගෙන් ලැබෙන සේවය ඉතාමත් අමරණීය වන්නේ ය. පීඩාකාරී ජීවිතය විඳින ඇයට ඒ විඩාවක් නොවන්නේ පවතින ආදරය, දයාව, අනුකම්පාව මතය. නමින් ගැහැණිය ලෙස අර්ථ දක්වන ඇයගේ සේවාව ගෞරවයෙන් සැලකීම සියලු පිරිමීන්ගේ යුතුකම සහ වගකීම විය යුතුය. සියලු හැල හැප්පීම් මත ජීවිතය ගත කරන ඇය ගැන සටහනක් තැබීමට අප බලාපොරොත්තු වූයෙමු.
එක්සේසත් ජනතා හිතෛෂි පෙරමුණ වෙනුවෙන්,
බි.එම්.අයි.කේ. ප්‍රියදර්ශණ. – පක්ෂ ලේකම් සහ නිර්මාතෘ.
