එක්සේසත් වී අපි සොඳිනා

ලොවම දිනමු සිරිලක් මාතා..තා.

දාන ධනය පිරි  නෙක මල් පලතුරු – සපිරුණු හෙළයේ අප රැදෙනා.

යමු අප වී නොපමා  – එක්සේසත් ජනතා හිතෛෂියන් ලෙස  නොබියව ඉදිරියටා

…..

අටලෝ දහමට කම්පා නොවෙමින් -ජන හදවත් මණ දොළ නන්වා

පසුබට නොවෙමින් ගිනිදැල් නිවමින් යමු අප ඉදිරියටා

නිබඳ සෙනෙහස පාමින්නේ වෛරය නැත අප පිළිගන්නේ

මෛත්‍රියෙන් මයි ජය ගන්නේ – එක්සේසත් ජනතා හිතෛෂියන් ලෙස  නොබියව ජය ගන්නේ

…..

පොරොන්දු රකිමින් සෙනෙහස ලබමින් යමු අපි ඉදිරියටා

හෙළයන්ගේ ගති පාමින්නේ –  සිව්හෙළයම අප සැනසෙන්නේ

සූරිය වංශයේ පෙළපත අර ගෙන අප අද නිරතුරු පැමිණෙන්නේ

නිසැක ව ජය ලන්නේ – ජයටැඹ වෙත යන්නේ

…..

එක්සේසත් කර කර සෘමූර්ධිදිමත් කර

දේශය නැවතත්  පුබුදන්නේ- ජයටැඹ වෙත අප පිවිසෙන්නේ.

ගොවිතැන- වෘතින් ජයගන්නේ

තාක්ෂණයෙනුත් හෙබවෙන්නේ

…..

නැණ බල දිරි ගැම්මට අර ගෙන අප සම වැජඹෙන්නේ

නීතිය හැමටම සම වැදි එක සේ – සමාන කමමයි ඇතිවන්නේ

සදචර සම්පන සමාජයක් තුළ – එකසේ බබලන්නේ

එකසේ බල දෙන්නේ – අප සැම සම වන්නේ

…..

සිංහල නාමය සිංහල බස දෙස විශ්වය තෙක් ගමනක් ඇරඹේ

එක මුතු සම්මුති රාජධානියක් අප සැම බිහිකරලන්නේ

සිංහල නාමය පැතිරෙන්නේ – දස දෙස රැව් පිළි රැව් දෙන්නේ

එක්සේසත් ජනතා හිතෛෂියන් ලෙස – අප පෙරමුණ ගන්නේ //

….ගායනා සහය සහ සංගීතය සඳහා පරිගණක සහය ලබා ගෙන ඇත