

නම – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ.
නියෝජනය- හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ )
ජීවනෝපාය – පෞද්ගලික ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික කටයුතු.
විවාහය පිළිබඳ තත්ත්වය විවාහකයි මේඝනාද සහ සහෙලි යනුවෙන් දෙදරු පියෙකි.
ස්වේච්ඡා සේවාව – වසර 10 අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කර ඇත.
දක්ෂතා – පරිගණක, වඩු වැඩ, ගෘහ නිර්මාණ කටයුතු, රියදුරු , ජල නල ,කාර්මික සහ ඉලෙක්ට්‍රොනික යනාදිය ද බටහිර වෛද්‍ය කේෂ්ත්‍රය හැර සියළුම කේෂ්ත්‍ර සහජ දක්ෂතා හොබවයි.
අධ්‍යාපනය-පරිගණකවේදී ඩිප්ලෝමාධාරී (දෘඪාංග සහ මෘදුකාංග) සහ BIT (Bachelor of Information Technology) – තොරතුරු තාක්ෂණ උපාධිය – පරිගණකවේදී උපාධිය හදාරයි.
පක්ෂය වෙනුවෙන් කළ සේවය – පක්ෂ නිර්මාතෘ සහ වගකීම් භාර කරු( සෘජු ) පක්ෂය ,පක්ෂ ව්‍යවස්ථාව , පක්ෂ ලාංඡනය, පක්ෂ ගීතය, නිර්මාණය කර ඇත. 2017-08-12 පක්ෂයේ ව්‍යවස්ථාව සිට 2024 පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් වී නොමැත සාමාජිකයන් ව්‍යවස්ථාව පිළිගෙන ඇත. පක්ෂ නිර්මාණය වෙනුවෙන් අදාළ සියළුම තනතුරු මාරු වුවද පක්ෂ ලේකම් තනතුර මාරු නොවන්නේය. ඔහුගේ ජීවිත කාලය තෙක් පක්ෂි මහලේකම් (ලේකම් ) දූරය දරයි.
-උපුටා ගැණීම –
පක්ෂ නිර්මාතෘ මා ගැන සහ මාගේ වර්ගයා පරම්පරාව – පෙළපත
“ හෙළ සූර්ය වංශය යක්ඛ ගෝත්‍රය නියෝජනය කරනු ලබන මාගේ වර්ගයා පරම්පරාව වසර දහස් ගණනක හෙළ ඉතිහාසයට උරුම කම් කියයි. මාගේ පියාගේ පාර්ශවය ඒකල වාතරියපොල හෙවත් වර්තමානයේ වාරියපොල (කුරුණෑගල) ප්‍රදේශයේ බලදොර කොරළයට මුල් හිමිකම් කියයි. වසර දහය දි පමණ පරිපාලන සහ ගොවිතැන් බත් සඳහා මාගේ පියාණන්ගේ (කිරිමුත්තාට) මාගේ පියාගේ පියාට (කිරිඅත්තා) සිය පියා සහ මව (මුත්තම්මා) සමග ආණමඩුව මැරුන්ගොඩ ප්‍රදේශයට සංක්‍රමණය විමට සිදු ව ඇත. මාගේ උපතින් වසර දෙකකට පසු මා හටද නැවත බලදොර කොරළයට මවගේ ග්‍රාමයේ ජිවත් වීමට සිදු විය. මාගේ ජන්මය හෙට්ටිපොල ජාතික රෝහලේ සිදු විය. පහ වසර තෙක් නික ගැටදිවුල්වැව කණිශ්ඨ විද්‍යාලයෙ ද හය වසර සිට උසස්පෙල දක්වා නික ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ ද අධ්‍යාපනය ලැබිය. උසස්පෙල මුල් වසර සිංහල භාෂාව , ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ද දෙවන සහ තෙවන වසර ජිව විද්‍ය විශය ධාරාවන් නිදහස් අධ්‍යාපනය යටතේ හදරණ ලදි. පරිගණක අධ්‍යාපනය සම්බන්ධ ඩිප්ලෝමා අධ්‍යපනය (2003 -2004) හදාරා සමත් වී ඇත. මාගේ මවගේ පාර්ශවය බන්නැහැක මුදියන්සේලාගේ හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස බන්නැහැක ඇමතිවරයාගේ පාර්ශවයයි . මාගේ මවගේ මැනියන් ද අපගේ පාර්ශවය දරයි. මාගේ පියාගේ මවගේ පාර්ශවය දසනායක මුදියන්සේලාගේ පාර්ශවය දරයි. එතුමියගේ පියා පුත්තලම දිශාව භාර ආරච්චිල වරයෙක් ( බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී සමයේ ) ලෙස ද කටයුතු කර ඇත. නිකවැරටිය මහව හුලුගල්ල ප්‍රදේශයේ ළමා කල මුල් නිජබිම්ය පසුකාලීන විවාහය සමග අඩිගමට ද අවසාන පරිචිය ආනමඩුව මැරැම්ගොඩ ප්‍රාදේශිකයේ ජිවත් විය. ඒම පවුලේ කාර්යය අවසන් වුයේ නැසි ගිය ගරු ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය දසනායක මුදියන්සේලාගේ දසනායක හෙවත් ද.මු. දසනායක මහත්මාය. ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව ආසන සන්විධායක ) මාගේ පියාගේ මව ඒ තුමාගේ පුංචි අම්මාය. මාගේ බිරිඳ වික්‍රමසිංහ පරම්පරාවෙන් පැවත එයි.
මාගේ පියාණන් හැරුණු කොට මාගේ පාර්ශවයෙන් සෑම දෙනා ම නායකත්වය හිමි කර ගත් විශේෂිත ඇත්තෝ ය. මනා දක්ෂතා හොබවා ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී සමයේ අපගේ පරම්පරාව වෙනුවෙන් නම්බු නාම තනතුරු ලබා දී අප වර්ගයා බාලසූරිය මුදියන්සේලාගේ අනුවර්තනයෙන් සූර්ය වංශයක් වන යක්ඛ ගෝත්රක අප සඟවා තබා මාගේ පරම්පරාවේ ඉතිහාසය හෙල ඉතිහාසයෙන් වසන් කිරීමට කටයුතු කර ඇත්තේ ය. නිජබිම තුල අපගේ ලිඛිත සාක්ෂි පවා විනාශ කර ඇත. සමහරක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන බව වාර්තා වී ඇත ( පුරාවෘත්තයට අනුව ). අපගේ විස්තර බ්‍රිතාන්‍යයේ ලේඛන වල දක්නට ඇති බව සතුටින් ඉදිරිපත් කරමි.
මාගේ පරම්පරාව වර්ගයා වෙනුවෙන් මා විසින් යම් සාධාරණයක් ඉටු කළ යුතු යන හැඟීම මත මා විසින් ස්වාධීනව පක්ෂයක් නිර්මාණය කර ව්‍යවස්ථාවක් ද නිර්මාණය කර පක්ෂ ගීතයක් ද නිර්මාණය කර සිව් හෙළය සහ ලංකිකයා එක්සේසත් කර ශ්‍රී ලංකාදීපය ඉතිහාස ගත රන් අකුරින් තබා ගැණීම පිණිස මා විසින් එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණ පක්ෂය නිර්මාණය කර ඔබ වෙත දායාද කර ඇත. ඉදිරියට ගෙන යාම ඔබගේ වගකීමයි. ඵ් සමගම කාව්‍යදාවත නැමති පද වැල් ග්‍රන්ථය මා විසින් නිර්මාණය ඔබ වෙත දායාද කරමි. “
– බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ. –
නියෝජනය- හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ )
-උපුටා ගැණීම අවසන් –
